ශ්‍රී ලංකා

දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් !

ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම පුවත අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය පුවතක් බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති රීතී අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ තමා ඡන්ද හිමියෙකු වශයෙන් ලියාපදිංචිවී ඇති ඡන්ද කොට්ඨාශයට අයත් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හා තැපැල් ඡන්ද හිමිකම් ඇති අයෙකු නම් තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලෙයේදී ඔහු ඉදිරියේ ඡන්දය භාවිතා කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

2024 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනය වෙත ඡන්දමිහියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථානය, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා වේලාව සඳහන් නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙන බවත් එහි සඳහන් ඡන්ද පොළ හැර පරිභාහිර ඡන්ද පොලකදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago