ශ්‍රී ලංකා

“අපේක්ෂකයන් ගණන වැඩි වුවහොත් මුද්‍රණ වියදම තුන් ගුණයකින් ඉහළට” – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

රජයේ මුද්‍රණාලය සතු මුද්‍රණ යන්ත්‍රවලින් මුද්‍රණය කළ හැක්කේ උපරිම අඟල් 26 කින් යුක්ත ඡන්ද පත්‍රිකා ය.

එහි සඳහන් කළ හැක්කේ අපේක්ෂකයන් 36 දෙනෙකුගේ නම් පමණකි.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂයන් ගණන 36 ට වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩිවීමෙන් මුද්‍රණ වියදම් තවත් ඉහළ යාහැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා මුද්‍රණය කරනු ලබන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම ද වියදම් වැඩිවීමට බලපා තිබේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago