චීනයේ බීජිං පදනම් කරගත් සිවිල් කටයුතු විශ්වවිද්‍යාලයකින් පවුල් උපදේශනය, විවාහ සැලසුම් සහ විවාහය සඳහා උත්තේජයනය සපයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් කර උපාධියක් හඳුන්වා දී තිබෙනවා.
මෙවන් උපාධියක් හඳුන්වා දීමට හේතුව චීනයේ විවාහ අනුපාතය සහ උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළ බැසීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙවැන්නක් හඳුන්වා දීමේ අරමුණ වී ඇත්තේ ‘විවාහයන් ප්‍රවර්ධනය කිරීම’යි.
විදෙස් වාර්තාවන්ට අනුව මේ වසරේ සැප්තැම්බරයේදී උපාධි පාඨමාලාව ඇරඹීමට නියමිතය.උපාධිය සඳහා සෑම වසරකම පළාත් 12ක සිසු සිසුවියන් 70ක් උපාධි අපේක්ෂකයින් ලෙස බඳවා ගැනෙන බව සඳහන්.
චීනය 2023 වසරේ දී සිය ජනගහනය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීමෙන් පසු, විවාහ අනුපාතවලට සමීපව සම්බන්ධ වන ‘නව උපත්වල අඩුවීම ආපසු හැරවීමට’ අරගල කරමින් සිටියි.
දරුවන් ලියාපදිංචි කිරීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට දෙමාපියන් විසින් විවාහ සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු පුළුල්ව පැතිරුණු ප්‍රතිපත්ති හේතුවෙන් ‘විවාහය දරුවන් ලැබීම සඳහා පූර්ව අවශ්‍යතාවයක්’ ලෙස සැලකේ.
නමුදු තනිකඩ කාන්තාවන් සහ LGBTQ යුවළ සඳහා එකම අයිතිවාසිකම් හිමි නොවේ.
ඒ අනුව ”විවාහ සේවා සහ කළමනාකරණය” ලෙස හැඳින්වෙන මෙම නව උපාධි වැඩසටහන විවාහය ආශ්‍රිත සේවාවන්හි දියුණුව කෙරෙහි ද අවධානය යොමු කරනු ඇති.
එමෙන්ම චීනයේ ධනාත්මක විවාහ – පවුල් සංස්කෘතිය සිසුන්ට සහ මහජනතාවට ඉස්මතු කිරීමත් චීනයේ විවාහ චාරිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමත් මෙහි අරමුණක් වන බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…