ශ්‍රී ලංකා

කොළඹට ෆුට්සාල් ක්‍රීඩාංගණ දෙකක් !

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ෆුට්සල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40×20 සහ උස මීටර් 4 වන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යොදා ගැනෙන අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකර ඇත.

එම ක්‍රීඩාව සඳහා ඉහළ ආකර්ෂණයක් පවතින බැවින්, රාජ්‍ය – පුද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ පුද්ගලික ආයෝජකයකුට භූමිය බදු පදනම මත ලබා දී රජය සතු ක්‍රීඩාංගණ පරිශ්‍ර හා ඉඩම් භාවිත කර ෆුට්සාල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, හඳුනාගනු ලබන රජයේ ඉඩම් හා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයන් තුළ, උපරිම වසර 30 ක බදු කාල සීමාවක් සඳහා ෆුට්සාල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම පිණිස, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගලික ආයෝජකයකු තෝරා ගැනීමටත්, එකී ආයෝජකයා මඟින් පාකිස්ථානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා දෙන ලද කෘතිම ෆුට්සාල් පථ 2 ටොරින්ටන් සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයන්හි ඉදිකිරීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago