ලෝකයක් හඳුනන ප්‍රමුඛ පෙළ පිතිකරුවෙකු වන ඇෆ්ගනිස්තානයේ Ihsanullah Janat හට වසර පහක තරග තහනම් සිදු කර තිබෙනවා.
ඒ කාබුල් ප්‍රිමියර් ලීග් (KPL) 2 වන අදියරයේ දී ACB සහ ICC දූෂණ විරෝධී සංග්‍රහයන් උල්ලංඝණය කිරීම හේතුවෙන් ය. ඔහු වැරදිකරු වී ඇත්තේ ICC දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ය.
එයට අනිසි බලපෑම් හෝ තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංගයක් නිවැරදි කිරීමට උත්සාහ කිරීම ඇතුළත් වේ.
මෙම උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම්වලින් වසර පහක තහනමක් පනවා තිබෙනවා.
Ihsanullah Janat එම චෝදනා පිළිගෙන ඇති අතර ඔහු දූෂිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ද පාපොච්චාරණය කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, තරඟ පාවාදීම්වලට සම්බන්ධ බවට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ද සැකපිට සිටින බව ACB දූෂණ මර්දන ඒකකය (ACU) අනාවරණය කරගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවට වාර්තා වේ.
කෙසේ වෙතත්, ඔවුන්ගේ වරද තහවුරු කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධව ද තීරණ ගනු ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…