ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ළූණු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස්, සුදු කැකුළු සහල් සහ කඩල භාණ්ඩවල මිල අඩු කර ඇති බවයි.
රුපියල් 260ක්ව පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 248ක් දක්වා අඩු කර ඇති අතර, සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින් පහත දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 249ක්.
ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 45කින් පහත දමා තිබෙනවා. මේ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 230ක්.
මීට අමතරව, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 42කින්, ආනයනික ලොකු ළුෑණු, මුං ඇට, රතු කව්පි කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර, රතු පරිප්පු කිලෝවක මිල පහත දමා ඇත්තේ රුපියල් 10කින්.
ඊට අමතරව වියළි මිරිස්, හාල් මැස්සන්, දේශීය සුදු කැකුළු සහල් සහ කඩල යන ද්‍රව්‍යවල ද මිල අඩුකර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…