ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුවට එන අලුත් මුහුණ මෙන්න !

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගෙන් පුරප්පාඩු වී ඇති ආසනය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම යෝජනා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතාගේ නම ඉදිරියේ දී මැතිවරණ කොමිසම වෙත යොමු කෙරෙනු ඇති බවයි.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ධත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන ආසනය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි මේ දක්වා තීරණය කර නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුව පැමිණි මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් පක්ෂයේ තීරණයට පිටුපාමින් ජනාධිපතිවරයා සහාය පළ කිරීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වට අහෝසි කිරීමට එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය කටයුතු කළා.

ඊට එරෙහිව මන්ත්‍රීවරුන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් කිරීමට කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහි තීන්දු අද (09) ප්‍රකාශයට පත් කරමින් එහි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සඳහන් කළේ, සමගි ජනබලවේගය ගත් තීරණය වලංගු බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වනු ඇති. ඒ සමඟ ඔවුන් සිය අමාත්‍යධුරවලින් ද ඉල්ලා අස්වීමට පියවර ගත්තා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago