බංග්ලාදේශයේ පසුගිය සති කිහිපය පුරා පැවතුණු දැඩි මහජන විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස එරට හිටපු අගමැතිනි ශෙයික් හසීනාට එම ධුරයෙන් ඉවත් වීමට සිදු වුණා.
අනතුරුව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම පරිදි, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් භාරකාර රජයක් ඊයේ (08) දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව මැතිවරණ පැවැත්වීමේ වගකීම එම භාරකාර රජයට පැවරෙන බවයි වාර්තා වන්නේ.
මෙම භාරකාර රජය යටතේ පත් කරන ලද යුනූස්ගේ කැබිනට් මණ්ඩලයට ශිෂ්‍ය විරෝධතාකරුවන් අතර සිටි නහිඩ් ඉස්ලාම් සහ ආසිෆ් මහමුද් යන අය ඇතුළත්ව තිබෙනවා.
නාහිඩ් ඉස්ලාම් බංග්ලාදේශයේ විදුලි සංදේශ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙසත් නසීෆ් මහමුද් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙසත් පත් කර ඇති බව සඳහන්.
බංග්ලාදේශයේ පැවති විරෝධතාවල ක්‍රියාකාරී ලෙස කටයුතු කළ ශිෂ්‍ය නායකයින් දැඩිව පවසා සිටියේ හමුදාව විසින් නායකත්වය ලබා දෙන පාලනයකට ඔවුන් එකඟ නොවන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…