අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර, පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පැවසීය.
හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් සැකකාර සැරයන්වරයාගේ සහෝදරයා තුවාල ලබා ඇති අතර ඔහුව ගිලන් රථයට නන්වා ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී රෝගියාගේ සහයට සැකකාර හමුදා සැරයන්වරයා ද ගිලන් රථයට ගොඩවී ඇති අතර එහිදී එහි සිටි සෞඛ්‍ය සාහිකාවට ගිලන් රථය තුළදී ලිංගික අතවර සිදුකර තිබූ බව පොලිසිය කියයි.
පසුව සෞඛ්‍ය සහායිකාව ඒ බව පොලිස් මුරපොලේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුරපොලේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…