ශ්‍රී ලංකා

වසර දෙකක් පුරා දැරියක් සමූහ දූෂණය කළ 5කට වැඩ වරදී !

අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්ව වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය පවසනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා

අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, මෙම දැරිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති දමිත් ජයතිලක මහතා සහ කාන්තා හා ළමා කාන්ත හා ළමා කාර්ය අංශයේ පොලිස් නිලධාරිනියන් සිදුකළ විමර්ශනයේ දී දැරියව රවටා ගෙන ගොස් රඳවා තබා ගත් යැයි සැක කෙරෙන කොන්දොස්තරවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟම හොරණ රෙමුණ ප්‍රදේශයේ එම කොන්දොස්තරවරයාගේ නිවසේදී මෙම දැරිය සොයා ගත් බව කළුතර උතුර පොලීසිය පැවසනවා.

ඉන් පසුව දැරියගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, එම කොන්දොස්තරවරයා දැරිය පැහැරගෙන යාමට පෙර වසර තුනක කාලය සිට විවිධ පුද්ගලයින් විසින් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි.

දැරිය එම ප්‍රදේශයේ ලැගුම්හල්වලට සහ නිවස ආසන්න ප්‍රදේශවලදී දූෂණයට ලක්ව ඇති බවට ද තොරතුරු එහිදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද කළුතර උතුර පොලීසිය පැවසනවා.

දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago