ශ්‍රී ලංකා

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් !

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා

අද (14) මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රජය හැකි සෑම විටක ම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි.

එමෙන්ම එහිදී පවතින ජීවන තත්ත්වය , ආර්ථික තත්ත්වය , ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

මේ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව පත්කළ කමිටුව මගින් ලබාදුන් විසඳුම් යෝජනා මීළග කැබිනට් මණ්ඩලයට ඉදිරිපක් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියා.  

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago