වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.
තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන්ය.
එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා.
මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, එසේ විරුද්ධ වීමට හේතුවන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…