සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ පැවැති දෙවන සහ අවසාන තරගයෙන් සංචාරක ශ්‍රී ලංකාව පරදා ලකුණු 7ක තියුණු ජයක් ලබන්නට සත්කාරක අයර්ලන්ත කාන්තාවන් සමත්වූහ.
පෙරේදා (13 දා) අයර්ලන්තයේ ඩබ්ලින් හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 173ක් ලබාගැනීමට අයර්ලන්තය සමත්වූවාය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් පමණි.
ඒ අනුව ලකුණු 7ක තියුණු ජයක් ලබන්නට අයර්ලන්තයට හැකි විය.
මේ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවටත්, දෙවැනි තරගයේ ජය අයර්ලන්තයටත් හිමිවීම හේතුවෙන් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත්විය.
අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ගබී ලුවිස් පන්දු 75කින් ලකුණු 119ක් ලබාගැනීමට සමත්වූ අතර ඇයගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 17ක් ඇතුළත් වීම කැපී පෙනිණි. ඊට අමතරව ඔර්ලා ප්‍රෙන්ඩිර්ගස්ට් ලකුණු 38ක් ලබාගත්තා ය.
පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි ලකුණු 28කට කඩුලු 1ක් සහ අචිනි කුලසූරිය ලකුණු 36කට කඩුලු 1ක් බිඳ හෙළීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයේදී මෙන්ම විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්වූ අතර ඇය පන්දු 44කින් ලකුණු 65ක් ලබාගත් අතර ඇයගේ ඉනිම ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඊට අමතරව කවීෂා දිල්හාරි ලකුණු 51ක් ලබාගැනීමට සමත්වූවාය.
පන්දු යැවීමේදී ඔර්ලා ප්‍රෙන්ඩිර්ගස්ට් ලකුණු 28කට කඩුලු 2ක්, ෆියා සර්ගන්ට් ලකුණු 28කට කඩුලු 2ක් දවාලූවාය.
පන්දු 75කින් ලකුණු 119ක් ලබාගත් ගබී ලුවිස් තරගයේ වීරවරිය සහ තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන ලබන්නට සමත්වූවාය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…