පැරිස් ඔලිම්පික් තුළ කතාබහට ලක් වූ කෙලිෆ්ගේ ලිංගිකත්වය ප්‍රශ්න කළ අයට වැඩ වරදී – එලෝන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බලවතුන්ට නඩු !

නිමාව දුටු පැරිස් ඔලිම්පික් හි වඩාත් කතාබහට ලක්වුණු, ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ් පිළිබඳව යළි කතාබහක් ඇතිව තිබෙනවා.ඒ කෙලිෆ්ගේ නීති කණ්ඩායම විසින් ඉතා ඉහළ පෙළේ පුද්ගලයින්ට එරෙහිව, සයිබර් හිරිහැර කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසීම නිසාවෙන්.

එම පිරිසට ජේ.කේ. රෝලිං, එලොන් මස්ක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අයත් බව සඳහන්. ඒ සමාජ මාධ්‍යවල හානිකර සහ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමේ චෝදනාව මතයි.

සිදුවීමෙන් දින ගණනකට පසු මෙලෙස නඩු මඟට පිවිසීම සම්බන්ධව අදහස් දක්වමින් කෙලිෆ්ගේ නීතීඥයා අවධාරණය කර තිබුණේ, ඇයට එල්ල වූයේ හුදෙක් පුද්ගලික ප්‍රහාරයක් නොව එය ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලපාන පුළුල් ප්‍රශ්නයක කොටසක් වන බවයි.

කෙලිෆ්, පැරිසියේදී ඉතාලියේ ඇන්ජෙලා කරිනිට එරෙහිව තත්පර 46ක ජයග්‍රහණයක් තමන් සතු කරගැනීමෙන් පසු ආල්දෝලනාත්මක ‘ස්ත්‍රී – පුරුෂ භාවය සම්බන්ධ’ ගැටළුවකට මුහුණ දෙනු ලැබුවා. එහිදී සමාජ මාධ්‍ය පුරා කුණාටුවක් ලෙසින් එය පැතිරෙන අන්දමකි දක්නට ලැබුණේ. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ කෙලිෆ්ගේ ස්ත්‍රී – පුරුෂ බව ප්‍රශ්න කළවුන් අතරට රෝලිං, එලොන් මස්ක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ද අයත්.

ඒ අනුව කෙලිෆ්ගේ නීති කණ්ඩායම විසින් ඔවුන්ට එරෙහිව ‘දරුණු සයිබර් හිරිහැර සම්බන්ධයෙන්’ නඩු මගට පිවිස ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එම නඩුව ගොනුකර ඇත්තේ මෙම බලගතු පුද්ගලයින් කෙලිෆ් පිළිබඳ හානිකර වැරදි තොරතුරු පතුරුවා හැරීමට ඔවුන්ගේ දැවැන්ත වේදිකා භාවිතා කළ බව හුවා දක්වමින්. මේ සම්බන්ධව වූ විමසුමකදී කේලිෆ්ගේ පැරිසියේ නීතිඥ නබිල් බූඩි සඳහන් කර තිබුණේ,

“අපි ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයින් පමණක් නොව අවශ්‍ය යැයි හැඟෙන ඕනෑම අයෙකු පැමිණිල්ල විසින් විමර්ශනය කරන ලෙසයි” යනුවෙනි.

කෙලිෆ් – කරිනි සිදුවීමේදී සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් පිළිබඳ දැඩි විවේචකයෙකු වන රෝලිං ඇගේ මිලියන 14.2 අනුගාමිකයින්ට ට්වීට් එකක් පළකර තිබුණේ කෙලිෆ්ව විවේචනය කරන සෙයක් පෙන්නුම් කරමිනි. එමෙන්ම X (කලින් ට්විටර්) හිමිකරු එලොන් මස්ක් ද පිහිනුම් ක්‍රීඩක රිලී ගේන්ස්ගේ සටහනක් නැවත ට්වීට් කර තිබුණේ, “පිරිමින් කාන්තා ක්‍රීඩාවලට අයත් නොවේ…” යන්න අනුමත කරන අයුරිනි. එපමණක් නොව හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය මතය ප්‍රකාශ කරමින්, “මම පිරිමින් කාන්තා ක්‍රීඩාවලින් ඈත් කරමි!” යන අදහසක් ඉස්මතු කර තිබුණා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago