ශ්‍රී ලංකා

පේරාදෙණිය සරසවියේ සිසුන් 4කගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය 12 වැනිදා රාත්‍රියේ පළමු වසරේ සිසුන් දෙදෙනකුට ඔවුන් නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට ඇතුළු වී බරපතළ ලෙස පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

පහර කෑමෙන් තුවාල ලත් සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසු වූ එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. ඔහුගේ එක් කනකට බරපතළ හානි සිදුව තිබෙන බව වාර්තා වනවා.

පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පහර දුන් සිසුන් සිව්දෙනා විද්‍යා පීඨයේ තෙවන හා සිව්වන වසරවල අධ්‍යාපනය ලබන බව සිසුන් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම සිසුන් හතර දෙනාට එරෙහිව විශ්වවිද්‍යාලයේ විනය පාලක අංශය මගින් විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන තෙක් ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය මගින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago