මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටින්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද හෙතෙම කියා සිටියා.
ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද හෙතෙම පැවසුවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු සොයා බැලූ Fact Cresendo වාර්තාවට අනුව,
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කරන පරිදි කිසිඳු හෝ අපේක්ෂකයෙකු 50% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නේ නම් මානප ක්‍රමය මඟින් සලකුණු කල දෙවන හා තෙවන මානාප සැලකිල්ලට ලක්වීම පිළිබඳව මෙහිදී පැවසුවද, කතිරය භාවිත කිරීමට නොහැකි බව කිසිඳු අවස්ථාවක එම මහතා නොපවසයි.
Fact Cresendo වාර්තාවට අනුව මැතිවරණ කොමිසමේ පැහැදිලි කිරීම ද මෙලෙස දැක්විය හැකි ය.
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා පෙන්වා දෙන්නේ, ‘කතිරය’ ලකුණ සලකුණු කිරීම අවලංගු කර නොමැති බවත්, යමෙකුගේ අභිමතය එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දයක් ලබා දීමට නම්, අදාළ අපේක්ෂකයාගේ සලකුණ ඉදිරියේ කතිර ලකුණ භාවිත කළ හැකි බවයි. එහෙත් එක් අපේක්ෂකයෙකු ට වැඩියෙන් ඡන්දය ලබා දීමට අදහස් කරන්නේ නම් කතිරය භාවිතා කිරීම වලංගු ක්‍රමයක් නොවන බවත් එනම් කතිරය සමඟ කිසිඳු හෝ තවත් ලකුණක් යොදන්නේ නම්, එය අවලංගු වන ඡන්දයක් ලෙස සැලකෙන බවයි.
මේ නිසා නිසි අකාරයෙන් අපේක්ෂකයින් එක් අයෙකුට වඩා ඡන්දය ලබදෙන්නේ නම්, එසේ දීමට අදහස් කරන ප්‍රමුඛතාවය මත, 1 ලෙස සිය පළමු ඡන්දයත්, 2,3 ලෙස දෙවන සහ තෙවන මනාප ද, ඡන්ද පත්‍රිකාවේ සටහන් කළ හැකි බව එම මහතා පෙන්වා දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…