හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවය.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්රචාරක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් නිර්මාණය කර, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැඩපිළිවෙලක නිරත වන බව ද මරික්කාර් මහතා අවධාරණය කරයි.
මෙම මැතිවරණ කාලසීමාව තුළ සියලු පක්ෂයන්ට අභියෝගයක් වී ඇති සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් දේශපාලනයේ නිරත සියලු අපේක්ෂකයින්ගේ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විමසිලිමත්ව බුද්ධියෙන් ග්‍රහණය කරගන්නා ලෙස සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…