කාලගුණය

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසකට ඉදිරි පැය 24ට රතු නිවේදන !

ඉදිරි පැය 24 සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ය.

ඒ අනුව, 1 මට්ටමේ නායයෑම් ලෙස කොළඹ දිස්ත්‍රික්කය නම් කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර, තද වැසි සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (17) පස්වරු 1.00ට ය.

ඒ අනුව එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගු වේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago