පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කළා.
“මේ දක්වා ඇතිවුණු වර්ෂාපතනය මත සැලකිය යුතු ගංවතුර මට්ටමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා සහ ගංගා ද්‍රෝණිය අධික තෙත් තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා අද දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් අත්තනගලු ඔය සහ උරුවල් ඔය ධාරා ප්‍රදේශයට ලැබුණොත් ඉතා පහසුවෙන් ගංගා ද්‍රෝණිය සැලකියයුතු ඉහළ ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම පවතිනවා. ඒ නිසා මේ ප්‍රදේශවල මහජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුකු කළ යුතුයි.”
මේ අතර කළු ගඟේ අතුගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කළු ගඟේ ජල මට්ටමද සමහර ප්‍රදේශවල ඉහළ යමින් පවතින බව සුගීෂ්වර මහතා සඳහන් කළා.
එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…