මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 39න් 90%ක් ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය සඳහා නොව වෙනත් වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව පෙනී යන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.
මින් වැඩි පිරිසක් ව්‍යවසායකයෝ, දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, අපේක්ෂකයන් විශාල වශයෙන් ඉදිරිපත්වීමෙන් වැඩිවන සෑම අපේක්ෂකයකු වෙනුවෙන්ම කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි.
තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීම් ලබා ගැනීම, ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු විවිධ තනතුරු ලබා ගැනීම, මීළඟ මහ මැතිවරණයේදී තරග වැදීමට ජන පදනම සකස් කර ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂවලට සූක්ෂම ලෙස ඇතුළුවීම සහ ඒවායේ නිලතල ලබා ගැනීම, මාධ්‍යයන්හි වෙන් කෙරෙන ගුවන් කාලය පාවිච්චි කරමින් ප්‍රධාන අපේක්ෂකයන්ට කෙලින්ම හෝ අනියමින් සහාය දැක්වීම සහ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම යනාදී කාරණා මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර වන බව වැඩි දුරටත් සඳහන් වෙයි.
පළාත් පාලන ආයතනයක මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා හයිය ලබා ගැනීම මීට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයකුගේ අරමුණ වූ බව ඔහුගේම ප්‍රකාශයකින් තහවුරු වූයේ යැයිද ඔහු පවසා සිටියා.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…