ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංග පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර ලබා දී නැති බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංගය නොපැවැත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.
එම නිසා හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව සඳහන්.
එහි දී ඔහු කියා සිටියේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල මීට පෙර සංවිධාන කළ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට කිරීමට සිදුවූ බවයි.
එමෙන්ම මේ සඳහා අය කරන විනෝද බදු ඉතා ඉහළ අගයක පවතින බවත් මේ හේතුවෙන් එම පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බව ද ආතාවුද පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සොයා බලා බදු අඩු කරමින් මෙම ප්‍රසංග සංවිධායකවරුන්ට සහය දක්වන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය ලබා දෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ප්‍රසංගවලින් අය කෙරෙන දැරිය නොහැකි විනෝද බද්ද අඩු කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බවයි අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් පළ වුණේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…