ශ්‍රී ලංකා

හරීන්ට එරෙහිව මැකෝට පැමිණිල්ලක් – අධිකරණයෙන් නෙරපූ හරීන් යළිත් අමාත්‍යංශවලට !

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත අමාත්‍ය ධුරය අහිමි වූ හරීන් ප්‍රනාන්දුට ඔහු දැරූ අමාත්‍යාංශවල ජනාධිපති උපදේශක තනතුරක් යළි ලබාදී ඇති බව සමගි ජන බලවේගයේ නීති සන්ධානය පවසනවා.

එම පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේ එම සන්ධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කළා.

හරීන් ප්‍රනාන්දු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළ අතර ඒ අනුව මන්ත්‍රී ධුරය මෙන්ම ඔහු දැරූ ක්‍රීඩා, සංචාරක හා ඉඩම් යන අමාත්‍ය ධුර ද ඔහුට අහිමි වුණා.

කෙසේවෙතත් ඔහු යළිත් ක්‍රීඩා, සංචාරක හා ඉඩම් යන අංශවල ජනාධිපති උපදේශකයෙකු ලෙස පත් කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ නීති සන්ධානය මැතිවරණ කොමිසමට අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago