දේශපාලන

පැෆ්රල් සංවිධානයේ ජනාධිපති අපේක්ෂක විවාදයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් බාධා !

ඊයේ (19) දිනයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ජනාධිපති අපේක්ෂකයන් 6 දෙනෙකුට විවාදයකට ආරාධනා කරන බව සඳහන් කලා.

ඒ සඳහා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, පී ආරියනේත්‍රන් යන පුද්ගලයන්ට් දෙනාට මෙම විවාදය සඳහා ආරාධනා කල බව ත් ඔවුන්ගෙන් දෙදෙනෙකු ඒ වන විටත් පැමිණීම තහවුරු කල බවත් එම මහතා වැඩිදුරටත් පවසා සිටියා.

මෙම විවාදය සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු පමණක් තෝරා ගැනීම සහ එම අපේක්ෂකයන් තොරා ගැනීමට ඇති පදනම පිළිබඳ විමසමින් ජාතික ප්‍රජානත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස පැෆ්රල් සංවිධානය පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවත් අපේක්ෂකයන් 39ක් අතරින් 6 දෙනෙකු පමණක් තෝරා ගැනීමේ පදනම පිලිබඳව කරුණු දක්වන ලෙසයි.

අදාළ විවාදය ලබන මස එනම්, සැප්තැම්බර් 07 දින පැවැත්වීමට නියමිතව තිබුණා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago