දේශපාලන

මෙවර තැපැල් ඡන්ද සුදුසුකම්ලාභීන් ලක්ෂ 7 ඉක්මවයි !

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස ලක්ෂ 7 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එය පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා ගොස් ඇති බව එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බව මැතිවරණ කොමිසම පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දින වෙන් කිරීමක් සිදු කෙරුණි.

ඒ අනූව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා  සැප්තැම්බර් 4 වැනිදා දින නියම කර තිබේ.

සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago