සෞඛ්‍ය

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු අවධානම ඉහළට !

මේ වනවිට මේ වසරේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2198 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනූව රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු වසංගත රෝගී තත්ත්වයක් ලෙස ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක් මෙම මස 28 රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජා සහභාගීත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා.

මේ සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සබරගමුව පළාත් සභාව, රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඇතුළු සෞඛ්‍ය අංශය, සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා පොලීසිය, අධ්‍යාපන ආයතන හා පාසල්, පළාත් පාලන ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන, ආගමික සිද්ධස්ථාන, රාජ්‍ය නොවන සංවිධාන හා මහජනතාවද දායකත්වය ලබාදීමට නියමිතයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

7 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

9 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

12 hours ago