මහනුවර ඇසළ පෙරහැරේ සිව්වන රන්දෝලි පෙරහැර පෙරේදා (18දා) රාත්‍රියේ වීදී සංචාරය කරමින් තිබිය දී ආරක්ෂක අංශවල නිසි අනුමැතියක් නොමැතිව ඩ්‍රෝන කැමරාවක් පෙරහැර මාර්ගයට යොමුකල තරුණයන් දෙදෙනෙකු මහනුවර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.
නීති විරෝධී ලෙස ඩ්‍රෝන කැමරා ගුවන්ගත කළ තරුණයන් අවුරුදු 19 හා 20 වයස්වල පසු වූවන් වන අතර ඔවුන්ව මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙම ඩ්‍රෝන කැමරාව පෙරේදා (18 දා) රාත්‍රී 11.55 ට පමණ පෙරහැර ගමන් ගන්නා මාර්ගයට යොමුකර තිබෙනු ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ගුවන් හමුදා ඒකකයට නිරීක්ෂණය වී ඇත.
පසුව එය ඩ්‍රෝන ජෑමරය උපයෝගි කර ගනිමින් බිම හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙන බව පොලිසිය පවසයි.
මහනුවර වැව රවුමේ පිහිටි හෝටලක් අසලට පතිත වූ ඩ්‍රෝන උපකරණය පරීක්ෂා කිරීමෙන් පසු එය ගුවනට යොමු කළ පුද්ගලයින් හඳුනාගත් පොලිසිය මහනුවර වැව රවුමේ ස්ථානයක සිට එය යොමු කළ පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…