ශ්‍රී ලංකා

රනිල්ගේ ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක් !

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

වෙනත් ගැසට් පත්‍රයකින් නිකුත් කළ පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණයට අදාළ ඡන්ද ලකුණුවල ද ‘ගෑස් සිලින්ඩරය’ තිබීම ඇතැම් පිරිස් ගැටලුවක් කරගෙන ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ.

කෙසේ වෙතත් අදාළ ඡන්ද ලකුණු ගැසට් පත්‍ර දෙකකින් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව ද එම සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පවසනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායමක් ගෑස් සිලින්ඩරය සිය ඡන්ද ලකුණු ලෙස තෝරාගෙන තිබුණා.

එවැනි පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ලකුණ ලබා දීම ගැටලුකාරී තත්ත්වයක් බවටයි ඇතැම් පාර්ශ්ව චෝදනා කළේ.

ජනාධිපතිවරණ ඡන්ද ලකුණු සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර එය කොටස් දෙකකින් සමන්විත වනවා. එහි පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු දක්වා ඇති අතර දෙවන කොටසේ දක්වා ඇති ඡන්ද ලකුණු වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පෙන්වා දෙන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago