ශ්‍රී ලංකා

කණිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ප්‍රතිපාදන දීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරලා !

මේ මස 27 දා පීරු දේශයේ ලීමාහි ආරම්භ කිරීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට යාමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුට ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂෙප කර තිබෙනවා.

යොවුන් ක්‍රීඩක පිරිස මෙම තරගාවලිය ඉලක්ක කරගෙන මාස ගණනක් මුළුල්ලේ පුහුණුවීම්වල යෙදී ඇති අතර ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර හා ඉඳුම් හිටුම් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙන බවට කලින් පොරොන්දුවී ඇති අතර දැන් ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ අමාත්‍යාංශයේ මුදල් නොමැති බවයි.

එහෙත් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සංකල්පයකට ස්පෝට්ස් ෆියෙස්ටා නමින් දින තුනක ක්‍රීඩා සැණකෙළියක් පසුගියදා කොළඹදී පවත්වන්නට යෙදින. හුදෙක් සංදර්ශනයක් පමණක් වූ ඒ සඳහා විශාල මුදලක් ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයෙන් වැය කොට තිබුණා.

මේ වන විට ක්‍රීඩා ඇමති ධූරය උසුලන්නේ ජනාධිපතිවරයායි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago