ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් පිළිබඳව ජනාධිපති ධුර අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධානය යොමු කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු, ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන නිරීක්ෂණ කණ්ඩායමක් මේ දිනවල මෙරටට පැමිණ ඇති අතර අදාළ නිරීක්ෂණ කණ්ඩායම විසින් මෙම ප්‍රකාශ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිනවා.
මෙම නිරීක්ෂණ කණ්ඩායම, මහනුවර ජනාධිපති මන්දිරයේදී පෙරේදා (19) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර ඇති අතර මේ සතිය ඇතුළතදී අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ද පෙරේදා (19) රාත්‍රියේ සම්බන්ධ වී ඇති මෙම නිරීක්ෂණ කණ්ඩායම විසින්, පෙරහර නරඹන ජනතාව නිදහසේ සිය කටයුතුවල නිරත වන්නේද යන්න සම්බන්ධයෙනුත් අධ්‍යයනයක නිරත වී ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…