පාකිස්ථාන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් බෝවීම හේතුවෙන් එරට බලධාරීන් මහත් අපහසුතාවකට පත්ව තිබෙනවා.
2008 වසරේ සිට රැස්වීම් වාර්තා බැලීමට නිල කමිටුවක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම ගැටලුව හෙළිව ඇති අතර, අදාළ වාර්තා සෙවීමේදී ඉන් බොහෝමයක් මීයන් විසින් විනාශ කර ඇති බවටයි වාර්තා වන්නේ.
මීයන්ගේ ආක්‍රමණය මේ වනවිට දරුණු වී ඇති අතර එය වඩාත් ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් මීයන් මර්දනයට දඩයම් බළලුන් යෙදවීම සඳහා එරට වාර්ෂික අයවැයෙන් පාකිස්ථාන රුපියල් මිලියන 1.2ක් වෙන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තව ද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් ඇතුළු විය හැකි ස්ථාන වටා දැල් ගැසීමටද අදාළ මුදල් යෙදවීමට නියමිත බවද පැවසේ.
එම පරිශ්‍රවල පළිබෝධ පාලනය සිදු කිරීම සඳහා පුද්ගලික සමාගම් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…