ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව නව සන්ධානයක් පිහිටුවා ගැනීමට යෝජනා වී තිබෙනවා.
නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පැවැත්වුණා.
නව සන්ධානය ජන ජය පෙරමුණ ලෙස නම් කිරීමට යෝජනා වී ඇති අතර එම පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධූරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ලබාදීමට තීරණය කර තිබෙනවා. එහි මහලේකම් ධුරයට අමාත්‍ය රමේෂ් පතිරණය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
නව සන්ධානයේ නිලධාරි මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…