ශ්‍රී ලංකා

ලක්ෂ 20කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් අවලංගු කිරීමට පියවර !

මාර්ගයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන්ට අකුසලතා ලකුණු එකතු කිරීමේ හා ලකුණු සම්පූර්ණ වන රියදුරන්ගේ රිය බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමේ ඩී මෙරිට් වැඩපිළිවෙළ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත බවත් මෙම වැඩපිළිවෙළට පැරණි රියදුරු බලපත්‍ර සහිත පුද්ගලයන්ගේ රිය බලපත්‍ර ද ඇතුළත් කරගැනීමේ පියවරක් වශයෙන් පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම අවලංගු කිරීමට තීරණය කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න පවසනවා.

ඒ අනුව අලුත් කළ නොහැකි සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට ඔවුන් කටයුතු කිරීමට නියමිතයි.

එම රිය බලපත්‍ර ලක්ෂ විස්සෙන් ලක්ෂ දාහතරක පමණ සංඛ්‍යාවක් බර වාහන බලපත්‍ර බව සඳහන්.

2009 වසරට පෙර නිකුත් වී ඇති ලක්ෂ විස්සකට අධික රියදුරු බලපත්‍ර ගණනක් ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago