බංගලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ 2024 කාන්තා පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
බංගලාදේශය තුල මේ වන විට හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වය ඊට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් ඇතැම් රටවල් විසින් තම පුරවැසියන්ට බංගලාදේශයේ සංචාරය කිරීමට සීමා පනවා තිබීම තුල ලෝක කුසලානය තවදුරටත් බංගලාදේශයේ පැවැත්වීමට අපොහොසත් වී තිබෙනවා.
තරඟාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රටවල් කෙරෙහි ද අවධානය යොමු වුණා.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝම්බර් මස 03 වනදා සිට 20 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා හීදී පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවතියද ලෝක කුසලානයේ නිල සත්කාරකත්වය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සතු වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…