දේශපාලන

ප්‍රධාන අපේක්ෂකයන් නැහැ – අපේක්ෂකයන් 39 දෙනාටම විවාදයක් සඳහා විවෘත ආරාධනාවක් !

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 39 දෙනාවම සහභාගී කර ගනිමින් විවෘත විවාදයක් පැවැත්වීමට මාර්තු 12 ව්‍යාපාරය තීරණය කර තිබෙනවා.

ඒ අනූව මෙම විවාද මාලාවට අපේක්ෂකයන් 39 දෙනාටම විවෘතව ආරාධනය කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

අදියර කිහිපයක් යටතේ මෙම විවාද මාලාව පැවැත්වීමට නියමිත බව එම සංවිධායකයන් පෙන්වා දුන්නා. ඒ අනූව මෙම විවාදය සැප්තැම්බර් මස 07වැනිදා පැවැත්වෙන බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

විවාද මාලාවට සහභාගිවීමට කැමැත්තක් දක්වන අපේක්ෂකයන් ඒ පිළිබඳව ලබන 24 වැනිදා මධ්‍යහ්න 12.00ට පෙර දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටී.

මෙම විවාද මාලාව පැෆරල් සංවිධානය මගින් සංවිධානය නොකරන අතර සංවිධාන ගණනාවකින් සැදුම්ලත් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු හා සම කැඳවුම්කරුවකු ලෙස පැෆරල් සංවිධානය ක්‍රියා කරන බවත් එම ව්‍යාපාරය පවසයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago