ක්‍රිකට්

මංගල ටෙස්ට් තරඟයේදීම මිලාන් ලකුණු 74ක් රැස් කරයි !

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අරඹමින් ඊයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය සිල්වා පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට තීරණය කළේය.

මෙය දකුණතින් මද වේග පන්දු යවන මිලාන් රත්නායකගේ මංගල ටෙස්ට් තරගය වෙයි.

මෙහිදී මිලාන් රත්නායක ටෙස්ට් හිස් වැසුම ලබාගත්තේ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාර අතිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 166 වන ක්‍රීඩකයා ද ඔහු විය.

ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 2ක් ලබා සිටියදී ක්‍රිස් වොක්සන්ගේ පන්දුවකට දැවී ගිය අතර නිශාන් මධුෂ්කට ලබාගත හැකි වූයේ ලකුණු 4ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් කිසිදු ලකුණක් නොලබා දැවී යන ලදී.

යම්කිසි බලාපොරොත්තුවක් ලබා දෙමින් කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දුන්න ද ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට දැවී ගියේ ලකුණු 24ක් ලබා සිටියදීය.

ඒ වනවිට ලකුණු 40කට කඩුලු 4ක් දැවී එංගලන්ත පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගෙන තිබියදී කඩුලු එක පිට එක දැවී යද්දී පිටියට පිවිසි ධනංජය සිල්වා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු තත්ත්වය ඉහළට එසවීමට මහත් උත්සාහයක් ගත්තේය.

ඒ අතරතුර 20 හැවිරිදි වියේ පසුවන ෂොයිබ් බෂීර්ගේ පන්දුවක් පහතින් පැමිණ දිනේෂ් චන්දිමාල්ගේ පා ආවරණයේ වැදීමෙන් චන්දිමාල් ලකුණු 17ක් ලබා සිටියදී පස්වන කඩුල්ල ලෙස දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 70කි.

හයවැනි සහ හත්වැනි කඩුලු ලෙස කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරියගේ නම් ලකුණු පුවරුවේ ලියැවිණි.

අටවැනි කඩුල්ල සඳහා පැමිණි මංගල ටෙස්ට් වරම් ලැබූ මිලාන් රත්නායක ඉතා පළපුරුදු ක්‍රීඩකයකු මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බර කරට ගෙන ධනංජය සිල්වාට අනගි සහයක් ලබා දුන්නේය.

ඒ අනූව සිය මංගල ටෙස්ට් තරඟයේම පන්දු 135කින් ලකුණු ලකුණු 74ක් ලබා ගැනීමට මිලාන්ට හැකි විය. ඒ හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගිනි.

ලකුණු 176ක්ව තිබියදී අනපේක්‍ෂිත මොහොතක අටවැනි කඩුල්ල ලෙස සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය සිල්වා ලකුණු 74කට ෂොයිබ් බෂිර් යැවූ පන්දුවකට දැවී ගියේය.

එංගන්ත පන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් ද ෂොයිබ් බෂීර් කඩුලු 2ක් ද ඇට්කින්සන් කඩුලු 2ක් ද ලබා ගත්හ.

ජීවිතක්‍ෂයට පත්වූ සුපිරි එංගලන්ත පිතිකරුවකු වූ ග්‍රැහැම් තෝර්ප්ට ගරුකිරීමක් ලෙස දෙපිලේම ක්‍රීඩකයෝ කළු පටි පැළඳ තරගයට එක්ව සිටියහ.

ඒ අනූව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ ලකුණු 214ක් පසුපසින් සිටී.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago