ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව මෙම ශ්‍රේණිය ලැබී තිබෙනවා.
මෙම “A” ශ්‍රේණිය මගින් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්රයන් තුළ අධිපතිතුමාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙනු ඇති.
මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිතුමා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව එයින් පිළිබිඹු වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන මෙම සම්මානය මගින් අධිපතිතුමන්ගේ කැපීපෙනෙන කාර්යසාධනය සහ ආර්ථික ස්ථායීතාවය සඳහා ඔහු දැක්වූ කැපවීම අවධාරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා..
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…