ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කෙහෙළිය රඹුක්වැල්ල සැකකරුවන් හතරදෙනා දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් එබැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔවුන් යොමුකර ඇප ලබා දෙන ලෙසත් එම සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඒ , ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මාත්‍රා මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී.
මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව සුදත් ජානක, රත්නකුමාර හේරත්, විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි, නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් හෘද රෝග, මානසික රෝග, පිලිකා රෝග, කායික රෝග සහ අමාංශ රෝගවලින් පෙලෙන බැවින් ඒ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.
ඒ අනුව, කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාතවරිය නියෝග කළේ, ඊට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙසයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…