ශ්‍රී ලංකා

වර්ජනයට සහභාගී නොවූ රාජ්‍ය සේවකයන්ට ලබා දීමට තිබූ දීමනාවට මැතිවරණ කොමිසමෙන් බාධා !

පසුගිය ජූලි 8 සහ 9 යන දින වල පැවති රජයේ සේවක වර්ජනයට සහභාගී නොවී සේවයට පැමිණි රජයේ නිලධාරීන්ට දීමනාවක් ලෙස මෙම මස වැටුපට රු. 10,000ක මුදලක් ගෙවීමට නියමිතව තිබුණි.

මේ සමග ප්‍රසංසා සහතිකයක් ලබා දීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබුණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති වරපිටාවක රජයේ සේවකයන්ට එවැනි දීමනා සහ සහතික ලබා දීම දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමක් විය හැකි බැවින් එම කටයුතු නවතා දමන ලෙස මැතිවරණ කොමිසම ලිපියක් මගින් ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

වැඩවර්ජනයට එක් නොවූ විධායක ශ්‍රේණියේ නොවන රාජ්‍ය නිලධාරීන්ට ලැබීමට තිබූ මෙම මුදල ඡන්ද විමසීමෙන් පසුව ලබා දීමට කටයුතු කරන ලෙස ද කොමිසම වැඩිදුරටත් දන්වා තිබේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago