ඉන්දීය වෛද්‍යවරියගේ ඝාතකයාගේ CCTV දර්ශන මාධ්‍යට මුදා හැරේ !

කොල්කටා හි 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ චූදිතයා වූ සන්ජෝයි රෝයි වෛද්‍ය විද්‍යාලයට හා රෝහලට ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවී කැමරා දර්ශන මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය ඔහුට CCTV කැමරා සාක්ෂි පෙන්වා ඇති අතර පසුව ඔහු අපරාධය පිළිගත් බවත් වාර්තා වේ.

මියගිය වෛද්‍යවරියගේ දේහය අසල තිබී හමුවූ බ්ලූටූත් ඉයර්ෆෝනය සැකකරුගේ ගෙල වටා රඳවා ඇති ආකාරයද එම CCTV දර්ශන වල සටහන්ව තිබෙනවා.

සැකකාර සන්ජෝයි රෝයි අලුයම 1.03 ට සිරුර හමුවූ විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වන අයුරු සහ වෛද්‍යවරියගේ දේහය අසල තිබී සොයාගත් බ්ලූටූත් ඉයර්ෆෝනය CCTV කැමරා දර්ශනවල ද සටහන්ව තිබීම යන සාක්ෂි මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සන්ජෝයි රෝයි මෙම අපරාධය සිදුකිරීමට පෙර ඝාතනයට ලක්වූ වෛද්‍යවරිය සහ තවත් කනිෂ්ඨ වෛද්‍යවරුන් හතර දෙනෙකු දෙස බලා සිටින ආකාරය රෝහලේ ළය වාට්ටුවේ CCTV කැමරා දර්ශනවල සටහන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සැකකරු පුහුණුව ලත් බොක්සිං ක්‍රීඩකයෙකු වන අතර ඔහු වසර ගණනාවක් තිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

එම සම්බන්ධතා මත ඔහු කොල්කටා පොලිස් සුභසාධක මණ්ඩලයට ගොස් මෙම වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ පොලිස් මුරපොලේ සේවය කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago