සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා ගැන තවත් තොරතුරු හෙළිවී තිබෙනවා.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැණුනා.
දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලීසිය පවසන්නේ..
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණා.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූලි මස 8වනදාය.
ඝාතන සිද්ධියෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා හා ඝාතනය මෙරට සිට මෙහෙය වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ද ඉල්ලා තිබුණා.
එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රෝහන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඊයේ (23) සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා,
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතර ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවකු වන “අජිත් රෝහණ” නොහොත් “චණ්ඩි” නමැත්තාද සිටින බවය. ඔහු 31 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
චණ්ඩි නමැත්තා හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු 14 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර තිබෙන අතර ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි.
මේ අතර වෙඩික්කරුවන්ට අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා බව පැවසෙන 29 හැවිරිදි වරුණ ඉන්දිකද සිල්වා හෙවත් සංඛ නමැති සැකකරු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම අදාළ සැකකරුවන් දෙදෙනාට දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබාදුන් 40 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් ඉම්රාන් නමැත්තෙක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම තවත් ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ටී – 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1ක්, සයිනඩ් කරල් 2ක් හා ජංගම දුරකථන 03ක් ද සොයාගත් බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…