බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා
සිකුරාදා සවස නගර මධ්‍යයේ කාර්මික නගරය ආරම්භ කර වසර 650ක් සැපිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්. මාර්ගය අසල සිටි මෙම ප්‍රහාරකයා අහඹු ලෙස මගීන්ට පිහියෙන් ඇන පළා ගොස් ඇති අතර, ඔහු තවමත් නිදැල්ලේ සිටින බවයි වාර්තා වන්නේ
ආරක්ෂක නිලධාරීන් තුවාල ලැබූවන්ව ප්‍රතිකාර සඳා යොමු කර ඇති බව සඳහන්.
මේ වනවිට නගරයට ඉහළින් පොලිස් හෙලිකොප්ටර් සැරිසරන අයුරු දැකගත හැකි අතර ප්‍රහාරකයා සොයා දැවැන්ත මිනිස් දඩයමක් ක්‍රියාත්මක බවයි BBC පුවත් සේවය පවසන්නේ.
ප්‍රාදේශීය වේලාවෙන් 22:00 ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, වෙළඳ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස නගර බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
සෝදිසි කිරීම් නිසා සොලින්ගන් නගරයේ මාර්ග අවහිර වී ඇති අතර, නිලධාරීන් සෝදිසි කිරීම් සිදු කරන බැවින් නිවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසයි උපදෙස් දී ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…