පෞද්ගලික බස් රථ හිමියන්‌ගේ සංගමය ඇතුළු සංගම් 12ක නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ, ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය ජනාධිපතිවරයට ලබා දෙන බවට ප්‍රකාශ කිරීම සඳහායි.
අදාළ හමුව කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවැති බව සඳහන්.
එහි නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ, නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බවයි.
ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පවත්වාගත නොහැකිව මුහුණදුන් අසීරුතා මේ දක්වා අමතක කර නොමැති බව ද ඔවුන් කියා සිටියා.
කඩ වැටි තිබූ ආර්ථිකය ගොඩ ගනිමින් වසර දෙකක කාලයක් තුළ ජනාධිපතිවරයා සිදු කළ වැඩපිළිවෙල එහි දී ප්‍රවාහන සංගම් ප්‍රධානීන් විසින් අගය කෙරුණා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා රියදුරු වෘත්තීය සමිතිය එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.
එමෙන්ම සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හා ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව ද ජනාධිපතිවරයා හමු වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…