වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මන්නාරම රෝහලේදී මියගිය තරුණ උපාධිධාරීනියගේ සැමියා බිරිද මියයාමේ ශෝකයෙන් ඊයේ ( 24 ) සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වවුනියාවේ පනිච්චපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි එස්.සුතාන් නැමති තරුණයෙක්.
කනේරු ඇට කෑමෙන් පසුව බරපතල ලෙස රෝගී වී ඇති ඔහු වහාම වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇතත් මියගොස් තිබෙනවා.
සිය දිවි නසාගත් තරුණයාගේ බිරිය වූ මරියරාජ් සින්ධුජා මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කළ අතර ආපසු නිවසට යාමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයව මන්නාරම රෝහල වෙත මාරු කොට යවා තිබෙනවා.
එහිදී ඇය ඇතුළත් කළ වාට්ටුවේ කාර්යබාර වෛද්‍යවරයා හා හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩලය මේ සිද්ධිය සාමාන්‍ය රුධිරය වහනය වීමක් ලෙස සලකා රෝගී කාන්තාවට ප්‍රතිකාර ලබා දී නැත.
පැය කීපයකට පසුව එම කාන්තාව මියගිය අතර ඇගේ මව වීසින් ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන්ට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ වුණා.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී එදින සේවයේ නිරතව සිටි මන්නාරම රෝහලේ කාර්යබාර වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවිකාවක් වරදකරුවන් බවට හදුණා ගෙන ඔවුන්ගේ සේවය අත් හිටුවා තිබෙනවා.
ඇය මියගියදා සිට දැඩි ශෝකයෙන් පසු වූ සැමියා මෙසේ සියදිවි හානි කරගෙන තිබේ. වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…