මෙහි ඍජු බලපෑමක් ලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සාපේක්ෂව ඉහළ යාමක් දැන් වාර්තා වනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 80කට ආසන්න මිලකටයි.
අමෙරිකානු WTI තෙල් බැරලයක මිලත් අද ඩොලර් 75.50 ඉක්මවා ගියා.
ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයක් වන අතර මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් සඳහා ඍජුවම බාධා එල්ලවීමේ අවදානම වගේම අමෙරිකානු මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාතික පහත හෙළීමට පවතින හැකියාව මත මෙලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ නමුත් චීනය ඇතුළු ප්‍රධාන පෙළේ ආර්ථිකයන් මන්දගාමීවීම නිසා ඉල්ලුම පහළයාමේ ප්‍රවණතාව නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළයාමක් මෙතෙක් වාර්තා වී නැහැ.
අමෙරිකාව ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් පරිභෝජනය කරන රටවල තෙල් සංචිතවල පහත වැටීමකුත් මේ වනවිට වාර්තා වනවා.
එමෙන්ම තෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න ඔපෙක් සංවිධානය ලබන සතියේ තීරණය කිරීමට නියමිතව තිබේ.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…