මැතිවරණ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර ඇති කාල වකවානුවක සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ රෙගුලාසි උල්ලල්ංඝනය කරන අන්තර්ගතයන් පිළිබඳව මැතිවරණ කොමිසම අදහස් දක්වා තිබුණා.
එවන් අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළින් ඉවත් කරනා බවට Facebook, YouTube, Instagram සහ Twitter ආයතන සහතික කර ඇති බවට එම කොමිසම දන්වා තිබූ බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.
එවන් අන්තර්ගතයන් සමාජ මාධ්‍ය වේදිකාව වල පවතින බවට මැතිවරණ කොමිසම විසින් දන්වා සිටි අවස්ථාවේ සිට පැයක් ඇතුළත ඒවා ඉවත් කරනා බවටයි එම සමාගම් නියෝජිතයින් මැතිවරණ කොමිසමට සහතික වී ඇත්තේ.
මීට අමතරව දිගින් දිගටම මෙම මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා මුදා හරින පුද්ගලයන්ගේ ගිණුම් මැතිවරණ කාලය සඳහා අක්‍රීය කරවීමට ද හැකියාව පවතින බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියා.
අදාළ ආයතන වලින් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ හැකියාවද මැතිවරණ කොමිසම සතු වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…