ශ්‍රී ලංකා

ගිලන් රථයකින් වෛද්‍යවරියක් පැහැරගෙන යන්න හදලා !

ගිලන් රථයක රියදුරෙක් විසින් වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් ඊයේ (26) රාත්‍රියේ දී බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී එම වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා ඇතැයි වාර්තාවනවා. මෙම වෛද්‍යවරිය වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ නේවාසිකව සිටින වෛද්‍යවරියකි.

ඇය සේවය සදහා වවුනියාව මහ රෝහලට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී වවුනියාව මහ රෝහලේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට රාත්‍රී ආහාරය රැගෙන ගිය ගිලන් රථය ආපසු වවුනියාව මහ රෝහලට පැමිණෙමින් තිබූ නිසා ඇය රෝහලට පැමිණීම සඳහා එම ගිලන් රථයට ගොඩ වී තිබෙනවා.

ගිලන් රථයේ රියදුරා හා තවත් අයෙකු ගිලන් රථයේ සිට ඇති අතර රියදුරා වවුනියාව -මන්නාරම මාර්ගයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට ගිලන් රථය නවත්වා ආපසු එය වවුනියාව මහ රෝහලට ධාවනය කිරීම වෙනුවට අතුරු මාර්ගයකින් වෙනත් දිශාවකට ධාවනය කරන්නට පටන් ගෙන තිබෙනවා.

ඊට හේතුව විමසුවත් රියදුරා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා බියට පත් වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැන තමාව බලහත්කාරයෙන් පැහැර ගෙන යමට උත්සහ කරන බව මහමග සිටි පිරිසට ප්‍රකාශ කොට තිබෙනවා.

ජනතාව වෙනත් වාහනයකින් ගිලන් රථය හඹා ගොස් එය නතර කරවා රියදුරුට හා සහායකයාට පහර දී ඔවුන්ව මෙල්ල කරගෙන නෙලුකුලම පොලීසිය වෙත ඔවුන් දෙදෙනාව බාර දී ඇත.

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ගිලන් රථ රියදුරා හා සහායකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට ඇත.

එම වෛද්‍යවරිය පැහැර ගැනීමට උත්සහ කළ රියදුරා සිටි ගිලන් රථයද වවුනියාව මහ රෝහලට අයත් ගිලන් රථයක් බැවින් රියදුරුට හා රිය සහායකයාට එරෙහිව වෙනම පරීක්ෂණයක් වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය විසින් ආරම්භ කොට ඇත.

එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වවුනියාවේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට දුර කි.මී 16 ක් වූවත් එක් ගමන් වාරයක් සදහා මෙම රියදුරා කි.මී. 20 ක දුරක් සටහන් කොට ඉතිරි වන ඉන්ධන අලෙවි කරණ බවයි.

දිනකට ගමන් වාර 6 ක් මෙම ගිලන් රථය වවුනියාව මහ රෝහල හා පම්පමඩුව ආයුර්වේද රෝහල අතර ධාවනය කිරීම සිදුවන බැවින් ගිලන් රථ රියදුරා මෙම ඉන්ධන වංචාව කාලයක සිට කරගෙන ගොස් ඇති බවද හෙළි වී ඇත.

වවුනියාව මහ රෝහලෙන් ගිය වෛද්‍යවරු පිරිස බියට පත්ව සිටි වෛද්‍යවරිය වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago