ශ්‍රී ලංකා

පොහොට්ටුවෙන් රනිල්ගේ අත අල්ලා ගැනීමට ආ අලුත් නඩේ මෙන්න !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව තිබෙනවා.

කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේ දී ඊයේ (26)පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා,

“මේ මොහොතේ කළ හැකි අන් කිසිවක් නෑ. රට ගළවා ගත හැක්කේ රනිල්ට නම් දේශපාලන මතිමතාන්දර නෙමෙයි මේ මොහොතේ වැල්පාළමෙන් රට එතෙර කළ හැක්කේ රනිල්ට නම් අපි සිටිය යුත්තේ ඔහු සමග පමණයි. නාමල්ට තව අවුරුදු 10කින් හරි ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි රනිල් රට ගත්තේ නැත්නම් රට පීලිපැන්නා. රට ඉවරයි. දේශපාලන පැණි කතා, සාහිත්‍ය කතා ඕන තරම් අපිට වේදිකාවේ අහන්න පුළුවන් වුණත් ප්‍රායෝගිකව මේ මහපොළවේ යථාර්ථය තේරුම් ගත් මිනිසා රනිල් වික්‍රමසිංහ.”

මේ අතර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහෙය වීමට හැකි පරිසරයක් උදාකර දීම රටේ ජනතාවගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම ඉලක්කය වූයේ කඩිනම් ආර්ථිත ප්‍රකෘතියක් රට තුළ ඇති කිරීම වන අතර එය මේ වන විට සාක්ෂාත් කරගෙන ඇති බවය.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන තිබෙන එකඟතාව අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මාර්ගය බවත් එම ගිවිසුමට එළැඹීමෙන් ශ්‍රී ලංකාවට මේ වන විට සැලකිය යුතු සහනයක් හිමිව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago