ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ලෙස මෙක්සිකෝවේ ඇනා වික්ටෝරියා (Ana Victoria Espino de Santiago) පසුගියදා ඉතිහාසයට එක්වුණා.
ඒ ඇගේ පවතින තත්ත්වයට අභියෝග කරමින්.
25 හැවිරිදි ඇය තමාට ලැබුණු නිවැරදි සහයෝගය සහ අවස්ථාවන් සමඟ නීතීඥවරියක් වීමේ ඇගේ සිහිනය හඹා ගොස් තිබුණේ, බොහෝ දෙනෙකු කළ නොහැකි යැයි සම්මත තත්ත්වයන් අතික්‍රමණය කරමින්.
Universidad Autonoma de Zacatecas වෙතින් නීති උපාධිය ලබාගත් ඇනා හට ඇයගේ නීති අධ්‍යාපන කාලය පුරාවටම ඇය වෙනුවෙන් කැප වූ මහාචාර්යවරයෙකුගේ සහාය ලැබී තිබුණා.
ඒ අභියෝග රැසකට මුහුණ දෙමින් අධ්‍යාපනය ලබන ඇයට සිය හැකියාවන් හඳුනාගෙන ඒවා ජය ගැනීම සඳහා මඟ පෙන්වීමටයි. ඇනා තමාට සහාය වූ මහාචාර්යවරයාව හඳුන්වා දෙන්නේ ”සෙවණැලි ගුරුවරයා” ලෙසයි.
ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය වනවා පමණක් නොව ඇනා, විශ්වවිද්‍යාල උපාධියක් සහිත ගෝලීය වශයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දුර්ලභ පුද්ගලයින් අතර ද කෙනෙකි.
එමෙන්ම ඇය ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද කැප වුණු සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රකටය.
නීතිය විෂයෙහි පමණක් නොව කලාව තුළත් කැපී පෙනෙන දස්කම් දක්වන ඇනා, 2014 වසරේ සිට චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක්ම පවත්වා තිබෙනවා.
විදෙස් වාර්තාවන්ට අනුව, ඇනා වික්ටෝරියාගේ හැකියාවන් සහ කැපවීම සම්බන්ධයෙන් ඇති ගෝලීය පිළිගැනීම හමුවේ ඇයට මේ වන විට විදේශයන්හි රැකියා දීමනා ලැබීමට පටන්ගෙන ඇති බව සඳහන්.
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…