ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක අනාවරණය කොටගෙන තිබෙනවා.
‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කර තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ අභාවප්‍රාප්ත වූ පුද්ගලයා වෙනුවට වෙනත් අයෙක් තවමත් නම් කර ද නොමැති බවයි.
අපේක්ෂකයන් 38 දෙනාගෙන් 15 දෙනෙකු පමණක් පිරිස රැස් කර හමුවක් පවත්වා තිබෙන අතර අනෙක් අපේක්ෂකයන් 23 න් අපේක්ෂකයන් 3 දෙනෙක් පිලිබඳ කිසිඳු ආරංචියක් නොමැති බව ඔහු සඳහන් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම වෙත ඔවුන් ලබා දුන් දුරකථන අංක ඇමතුව ද ඔවුන්ව සම්බන්ධ කරගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ඔවුන් නාමයෝජනා පත්‍රයේ අත්සන් කොට ඇප මුදල් තැම්පත් කර තිබුණද මාධ්‍ය ඉදිරියට හෝ පැමිණ නැති අය බවයි සඳහන් කර ඇත්තේ.
සියලූම අපේක්ෂකයන්ගෙන් පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ඵල කිරීමට අවශ්‍යතාව පැවතියත් අපේක්ෂකයන් 24 දෙනෙකු ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ද ඔහු පවසා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…