ප්‍රබල පක්ෂ නායකයෙක්ට වෙඩි ප්‍රහාරයක් !

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්වන ප්‍රියංගු පාණ්ඩේගේ මෝටර් රථය වෙත පිරිසක් වෙඩි තබා තිබෙනවා.

ඔහු භාත්පාරා ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ත්‍රිනාමුල් පිරිස බෝම්බ සහ වෙඩි තබා ඇති අතර බටහිර බෙංගාලයේ උතුරු 24 පර්ගානාස් දිස්ත්‍රික්කයේ භාත්පාරාහිදී ත්‍රිනාමූල් කොන්ග්‍රසයට අයත් පුද්ගලයන් පිරිසක් විසින් මෙය සිදුකර ඇති බවයි ප්‍රියංගු පාණ්ඩේ චෝදනා කරන්නේ.

ප්‍රාන්ත අගනුවර පැවති විරෝධතා රැලියක් දී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ඔහු පවසා සිටියේ එම ප්‍රහාරය ඝාතන උත්සාහයක් බවත්, ඔහුගේ වාහනයට බෝම්බ ප්‍රහාර ඇතුළු වෙඩි උණ්ඩ හතක් පමණ එල්ල වූ බවත්ය.මෙම ප්‍රහාරය හේතුවෙන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුට බරපතල බවයි වාර්තා වෙන්නේ.

ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරය ජ්‍යෙෂ්ඨ බෙංගාල පොලිස් නිලධාරියෙකු ඉදිරියේදීම එල්ල වූ බව භාරතීය ජනතා පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයෙක්වන අර්ජුන් සිං පවසනවා.

එමෙන්ම මෙම ප්‍රහාරය පිටුපස ත්‍රිනාමුල් නායක තරුන් සවු සහ සෝම්නාත් ශ්‍යාම් සිටින බවට අර්ජුන් සිං චෝදනා කළ අතර, අපරාධකරුවන් කාකිනාරා ප්‍රදේශයෙන් ගෙන්වා ගත් බවටයි ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago